Sunday, June 28, 2020

පාඩම් 5 ම එක ඇප් එකෙන් MATHS LAB



  ලඝුගණක, වර්ගජ ප්‍රස්තාර , වර්ගපූරණ සූත්‍රය , හීනවන ශේෂය , මධ්‍යන්‍යය යන ගණිත පාඩම් වලට මීට කලින් මම ඔයාලට දුන්න ඇප් පහේම එකතුවක් තමයි MATHS LAB ඇප් එක.මේ නිසා ඔයාලට තවත් භාවිතය පහසු වේවි. වර්ගජ ප්‍රස්තාර වලට දුන්න QGraph ඇප් එක ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් විතරක් තිබුන නිසා එයට අලුතින් සින්හල මාධ්‍යයත් එකතු කරලා මේ ඇප් එක නිම කරලා තියෙන්නෙ.

Monday, June 22, 2020

ඝන වස්තු පාඩමට ගේම් එකක් Solids Puzzle



7 - 8 ශ්‍රේණි වල ඉගෙන ගන්න ඝන වස්තු පාඩම හොඳින් මතක තියාගන්න වගේම බුද්ධි වර්ධනය වන ගේම් එකක් තමයි Solids Puzzle .මේ ගේම සරලයි වගේ පෙනුනට දිනන්න ටිකක් වෙලා යයි. සෙල්ලම් කරලාම බලන්නකො.

Thursday, June 18, 2020

ඇප් එකෙන් මධ්‍යන්‍යය සොයමු




                  මේ වතාවෙ ඔයාලට දෙන ඇප් එක තමයි  Mean Calculator.මේ ඇප් එකෙන් පුලුවන් සමූහිත සන්ඛ්‍යාත ව්‍යාප්තියක සැබෑ මධ්‍යන්‍යය මධ්‍ය අගය හා උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන්  ගණනය කරගන්න. ඉතින් 10 - 11 ශ්‍රේණි වල වගෙම සාමාන්‍ය පෙළ විභාගෙට් අනිවාර්යෙන් එන ප්‍රශ්න වලට සූදානම් වන හැමොටම ඒ ප්‍රශ්නවලට පිලිතුරු තනිවම සපයලා ඒවායේ නිවැරදිතාවය තනියම මේ නිවාඩු කාලෙ බලා ගන්න මේ ඇප් එක උදව් වේවි.

Friday, June 12, 2020

වර්ගපූර්ණ සූත්‍රයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්



        ගණිතය 11  ශ්‍රේණිය සමීකරණ පාඩමේ වර්ගපූර්ණ සූත්‍රයෙන් වර්ගජ සමීකරණ විසඳීම කොටස ඉතා වැදගත් කොටසක්. ඒ සා.පෙළ විභාගයේ අනිවාර්ය ලකුණු 10 ක ප්‍රශ්නයක් මේ කොටසෙන් ලැබෙන නිසයි.ඉතින් ඒකට උදව්වක් විදියට මම දෙන ඇප් එක තමයි, QFormula.  මේකෙන් ඔයාට පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් වගෙම වර්ගජ සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් පියවර වශයෙන් නිවැරදිව විසඳන ආකාරය බලාගන්න පුලුවන්.

Sunday, June 7, 2020

හීන වන ශේෂය පාඩම ඇප් එකෙන්






11- ශ්‍රේණිය ගණිතය පාඩමක් වන හීන වන ශේෂය යටතේ මාසික වාරිකය හා පොළී අනුපාතිකය ගණනය කර පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ්  ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ.

Sunday, May 31, 2020

10-11 ශ්‍රේණි ලඝුගණක පෝන් එකෙන්




 10 - 11 ශ්‍රේණි  ගණිතය ලඝුගණක අභ්‍යාස පිලිතුරු පහසුවෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ.

Wednesday, May 13, 2020

වර්ගජ ප්‍රස්තාර පෝන් එකෙන්ම බලාගන්න QGraph ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක




 ඔයාලාට මම මීට කලින් දීලා තිබුණ වර්ගජ ප්‍රස්තාර ඩෙස්ක්ටොප් වර්ශන් එකේ සරල මොබයිල් වර්ශන් එක තමයි අද මං ලබාදෙන්නෙ. මේ නිසා පරිගණකයක් නැති අයටත් පහසුවෙන් භාවිතාකරන්න පුලුවන් නිසා ඩෙස්ක්ටොප් වර්ශන් එකට වඩා ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි.

Wednesday, April 22, 2020

ඔන්ලයින් ගණිත ක්‍රීඩා (multiplayer) Android App





   නිවාඩු කාලෙ ගෙදර ඉන්න ගමන් පෝන් එකෙන් ගේම් සෙල්ලම් කරලා  ගණිත පාඩම් ගොඩක් හොදට ආසාවෙන් මතක තියාගන්න අවස්ථාවක් තමයි මේ දෙන්න හදන්නෙ. එවගෙම  හැමොටම ගණිතයේදි වැදගත් වන චක්කරෙත්  මෙකෙන් නිකන්ම මතක හිටියි.